අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
James Banks

ජේම්ස් බෑන්ක්ස්

Dr. James Banks and his wife have two adult children and live in Durham, North Carolina, where he is the pastor of Peace Church. He is the author of The Lost Art of Praying Together, Praying the Prayers of the Bible, Prayers for Prodigals, and Prayers for Your Children. Find books by James Banks

ජේම්ස් බෑන්ක්ස් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරමු

ඇමෙරිකානු විප්ලවීය යුද්ධයේ මුල් දිනවල ක්විබෙක්හී බ්‍රිතාන්‍ය හමුදාවන්ට එරෙහිව විශේෂ යුධ මෙහෙයුමක් දියත් කරන ලදී. නිව්බෙරිපෝට්, මැසචුසේට්ස් හරහා කැනඩාවට යන අතර මගදී ඔවුහු සුප්‍රසිද්ධ ඉවැන්ජලිස්ත වරෙයක් වූ ජෝර්ජ් වයිට්ෆීල්ඩ්ගේ සොහොන බැලීමට ගියහ. වයිට්ෆීල්ඩ්ගේ මිනී පෙට්ටිය විවර කර තිබූ අතර ඔහුගේ පැවිදි කර පටිය සහ මාංචු ඉවත් කර තිබුණි. ඔහුගේ ඇඳුම කැබලිවලට කපා බෙදා හැර තිබුණේ කෙසේ හෝ එයින් සොල්දාදුවන්ට සාර්ථකත්වයක්…

යුක්තියේ දෙවියන්වහන්සේ

ඇය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම “බිල්ල” (අන් අයෙකුගේ වරදට දඬුවම් විඳින්නෙක්) වූවා විය හැකිය. ඇගේ නම ඩේසි, මැඩ්ලීන් හෝ ග්වෙන්ඩලින් දැයි අපි නොදනිමු (සෑම නමක්ම යෝජනා කර තිබුණි). නමුත් 1871 මහා චිකාගෝ ගින්න හේතුවෙන් ඕ’ලෙයාරි මහත්මියගේ ගවයාට දොස් පැවරුණු අතර එමගින් නගරයේ සෑම තෙවන පදිංචිකරුවෙක්ටම නිවස අහිමි විය. තද සුළං මගින් දැවමය ව්‍යුහයන් හරහා ගින්න දින තුනක් පුරා දැවී ගොස් තුන්සියයකට ආසන්න…

එය වටිනවාද එසේත් නැත්නම් ගරු කටයුතුද?

අප්‍රිකානු කොංගෝවේ ඉංග්‍රීසි මිෂනාරි වෛද්‍යවරියක වන හෙලන් රෝස්වෙයාර්ව 1964 දී සිම්බා කැරැල්ල අතර තුර කැරළිකරුවන් විසින් සිරකාරියක් ලෙස ගෙන යනු ලැබුවාය. ඇයව අල්ලා ගත් අයවළුන්ගේ පහර දීමට සහ අපචාරයට ලක්වූ ඇය දරුණු ලෙස දුක් වින්දාය. ඉන්පසු දිනවලදී “එය වටිනවාද?” කියා ඇය ප්‍රශ්න කරන්නට විය.

යේසුස්වහන්සේව අනුගමනය කිරීමේ මිළය ගැන මෙනෙහි කිරීමට පටන් ගත් විට දෙවියන්වහන්සේ තමා සමග ඒ ගැන කථා…

රළු බිම් සහ මෘදු දයාව

ජේම්ස්ට වයස අවුරුදු හයේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ඩේවිඩ් අයිස් මත ලිස්සා යාමේ ක්‍රීඩාවේදී අනතුරකින් ඛේදජනක ලෙස මිය ගියේය. ඒ ඩේවිඩ්ගේ දහහතර වන උපන් දිනයට පෙර දිනයේය. ඊළඟ වසර වලදී තම මව වන මාග්‍රට්ව සැනසිමට ජේම්ස් උපරිම ලෙස උත්සාහ දැරූහ. ඇගේ ගැඹුරුම වේදනාව තුළ ඇය සැම විටම ඇයටම මතක් කර දුන්නේ තම වැඩිමහල් පුතාට තරුණ කාලයේ අභියෝගයන්ට මුහුණ දීමට සිදු…

ප්‍රතික්‍ෂේප වූවන්ට රක්‍ෂස්ථානයක්

ජෝර්ඡ් වයිට් ෆිල්ඩ් (1714-1770) ඉතිහාසයේ වඩාත්ම දක්‍ෂ හා ඵලදායී දේශකයන්ගෙන් කෙනෙක් වූ අතර දහස් ගණනක් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරා ගෙන ගියේය. එහෙත් ඔහුගේ ජීවිතය මතභේදයන්ගෙන් තොරව නොපැවතුණි. එනම් එළිමහනේ දේශනා කිරීමේ පුරුද්ද (විශාල පිරිසකට සහභාගී විය හැකි) සමහර විට බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක් වුණි. ඔව්හු ඔහුගේ චේතනාවන් ගැන ප්‍රශ්න කරමින් ඔහු කථා කළ යුත්තේ දේවස්ථානයක බිත්ති හතර තුල පමණක් යයි…

සංරක්‍ෂණය කර ඇත

වසන්ත කාලයට රෝපනය කිරීම සඳහා මම වත්ත සුද්ද කරමින් සිටියදී, ශීත සෘතුවේ වල් පැලෑටි විශාල ප්‍රමාණයක් ඇද දැම්මා.... මම ඒ අවස්ථාවේ භයවී උඩපැන්නා! විෂ සහිත තඹ හිස සර්පයෙක් මගේ අත ළඟ පහලින් සැඟවී සිටියා - තව අඟලක් පහලින් වල් පැල පඳුර ඇල්ලුවා නම් මම වැරදීමෙන් ඌ අල්ලාගන්නවා. මම පඳුර ගොඩගත් සැණෙන්ම උගේ වර්ණවත් සළකුණු දුටුවෙමි. උගේ ඇඟෙ ඉතිරි කොටස මගේ…

ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන්

බැංකොක්හී ජනප්‍රීය අවන්හලක් අවුරුදු හතළිස් පහක් තිස්සේ පැසෙන සුප් හොද්දකින් සුප් පිරිනමන අතර සෑම දිනකම අඩුව පුරවනු ලැබේ. “සදාකාලික ඉස්ටුවක්” ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාව මධ්‍ය කාලීන යුගය දක්වා දිව යයි. සමහර ඉතිරිවන කෑම දින කිහිපයකට පසු වඩාත් හොඳින් රස විඳිනවා සේම, දීර්ඝ ආහාර පිසීමේ කාලයක් මිශ්‍රවී මෙහි අද්වීථීය රසයන් නිර්මාණය කරයි. මෙම අවන්හල තායිලන්තයේ වඩාත්ම රසවත් සුප් හොද්ද සඳහා සම්මාන…

දෙවියන්වහන්සේගේ අඩි සළකුණු

“දෙවියන්වහන්සේ ජීවත්වන්නේ කොහේදැයි මම දන්නවා” අපේ සිව් හැවිරිදි මුණුබුරා මගේ බිරිඳ වන කේරි ට පැවසුවා. “ඒ කොහේද?” ඇය ඇසුවේ ඇගේ කුතුහලය ඇවිස්සෙමින්. “උන්වහන්සේ ජීවත්වන්නේ ඔබේ නිවස අසල වනාන්තරයේ” යි ඔහු පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ සංවාදය ගැන කේරි මට පැවසූ විට, ඔහුගේ සිතුවිල්ලට හේතු වූයේ කුමක්දැයි ඇය කල්පනා කළාය. “මම දන්නවා” මම ප්‍රතිචාර දැක්වූවෙමි. “ඔහු අපගේ නිවසට පැමිණි අන්තිම අවස්ථාවේදී, අපි වනාන්තරයේ…

අදෘෂ්‍යමාන දේ වල දෙවියන්වහන්සේ

“සමහර වෙලාවේදී මට හැඟෙනවා මම අදෘශ්‍යමානයි කියා. නමුත් මා තුළ දැඩි ආශාවක් තිබෙනවා දෙවියන්වහන්සේ මාව පාවිච්චි කරයි කියා.”

මා හෝටලයකට ගිය අවස්ථාවකදී, ඈන් නමින් හඳුණන කාන්තාවක් මට හමුවුණා. ඇය ඒ අවස්ථාවේදී ව්‍යායාම සඳහා පාවිච්චි කරන කාමරයක් පිරිසිදු කරමින් සිටියා. මම ඇය සමඟ කතාබස් කළා. අපි කතාකරමින් සිටියදී ඇගේ කතාව ඉතා අනර්ඝයි කියා මට අවබෝධ වුණා.

“මම ක්‍රැක් නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය…

සමාදානය පැමිණී විට

1914 දී බෙල්ජියමේ නත්තල් සන්ධ්‍යවේදී අගල් වල සිරවී සිටි සොල්දාදුවන්ගෙන් ගීත නාද පාවී ගියේය. “නිසල රෑ” ගීතය ජර්මානු භාෂාවෙන්ද පසුව ඉංග්‍රීසියෙන්ද නිකුත් වුනි. දිනය පටන්ගැන්මේදී එකිනෙකාට වෙඩි තබා ගත් සොල්දාදුවන් තම යුධායුධ පසෙක තබා තම අගල්වලින් පිටතට අවුත් යුද්ධ මුක්ත කලාපයෙහි එකිනෙකාට අතට අත දුන්හ. නත්තල් සුභ පැතුම්ද තම ආහාරවලින් ක්‍ෂණික තෑගිද ඔව්හු හුවමාරු කර ගත්හ. සාමය පසුවදාද පැවතුණි. සොල්දාදුවෝ…